ජාවා වල නීති කිහිපයක් පවතී.ඒවා මෙසේය.
1.ජාවා වැඩසටහනක public class එකක්ද එය තුල main class එකක්ද තිබිය යුතුය.2.public class එකේ නම සෑම විටම File name (save කරන නම) එකට සමාන විය යුතුය. උදාහරණයක් ලෙස පහුගිය පාඩමේ save කරන ලද නම ගමු.එහිදී FirstLesson යනුවෙන් ලබා දී ඇත. මෙහි මුල් අකුර capital වනවා වගේම මැද අකුරදcapital වේ. එය එලෙසම save කරන විට ලබාදිය යුතුය.
3.public class එක තුල main class එක පිහිටුවන ප්‍රධාන කේතය
public static void main (String args [ ] ) JVM එකෙන් කෙලින්ම සොයා ධාවනය කරන්නේ මෙම main class එකයි.ඉදිරි පාඩම් වලදී මෙය ඉතා හොඳින් පැහැදිළි වනු ඇත.
4.class එකක් ආරම්භ කළ යුත්තේ ඉංග්‍රීසි අකුරකින් පමණකි. එය capital වීම අත්‍යවශ්‍ය නොවේ. ඉලක්කම් භාවිතා කළ හැක්කේ පළමු අකුරට පසුව පමණි.
5.class name එකක් සෑම විටම තනි වචනයක් විය යුතුය.වචන අතර හිස්තැන් භාවිතා කළ නොහැක. විශේෂ සලකුණු (@ , + , " " ,...) කිසිවක් භාවිතා කළ නොහැකි අතර _ සලකුණ පමණක් භාවිතා කළ හැක.
පින්තුරය ලොකුවට බලන්න ඒ මත click කරන්න
ලබන පාඩමෙන් ජාවා වල මුලික දත්ත ආකාර පිළිබඳව ඉගෙන ගමු

http://apinodannait.blogspot.com බලන්න
ReplyDeleteනියමයි දිගටම කරගෙන යන්න මමත් ජවා කරන්න හිතුව විතරයි ,,එත් ටිකක් බයයි වගේ එත් මේ Articles ටික බැලුවම නම් එච්චර බය වෙන්න දෙයක් නැහැ වගේ..දිගටම කරගෙන යනවද??? ජාවා Database වගේ වෙනකන්ම කරනවද??
ReplyDelete